සුනාමි ව්‍යවසනයෙන් සහ මෙරට සිදු වූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන ‘ජාතික සුරක්ෂිතතා දිනය’ අද (26) ට යෙදී තිබෙනවා.
2012 වසරේ සිට ජාතික සුරක්ෂිත දිනය ලෙස දෙසැම්බර් 26 වැනිදා රජය විසින් ප්‍රකාශයට පත් කළා.
ඒ අනුව, සෑම වසරකම දෙසැම්බර් 26 වැනිදා ජාතික සැමරුමක් ලෙස මෙය සිහිපත් කෙරෙනවා.
මෙවර ප්‍රධාන සැමරුම ආරක්ෂක අමාත්‍යාංශ ආපදා කළමනාකරණ අංශ පරිශ්‍රයේදී පැවත්වීමට නියමිතයි.
උත්සවය අද(26) පෙරවරු 9.00 සිට 11.30 දක්වා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ආරක්ෂක ලේකම්තුමාගේ සහභාගීත්වයෙනුයි පැවැත්වීමට නියමිතව ඇත්තේ.
එමෙන්ම, අද පෙ.ව. 9.25 සිට පෙ.ව. 9.27 දක්වා කාලය තුළ සුනාමියෙන් අහිමි වූ ජීවිත සිහිපත් කිරීම සඳහා එහිදී මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවයක් පවත්වනු ලබනවා.
Author: Lanka Hit News
Post Views: 11