Global Platform For All Sri Lankans

Lanka Hit News

ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන්

ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය සහ ජනතාවට යෝජිත සහන පැකේජයන් පිළිබඳ මාධ්‍ය සාකච්ඡාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වුණා.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මෙම මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වුණා.

එහිදී ආර්ථික ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පහසුකම් සැලසීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම, දේශීය හා බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමකින් සමන්විත වන බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම 2023 ජූලි මාසයේදී සාර්ථකව නිම කරන ලද බවත් සඳහන්.

බාහිර ප්‍රතිව්‍යුහගත කිරීමේදී විවිධ පදනම් සහ තර්කන මත බහුපාර්ශ්වික ණය හිමියන් බැහැර කරන අතර ඉතිරිය නිල ද්විපාර්ශ්වික ණය සහ පුද්ගලික ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර (ISB) හිමියන්ගෙන් සමන්විත වනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads