Global Platform For All Sri Lankans

Lanka Hit News

ජනපති හමුවන්න ඕනෑයි කියමින් කඩුවක් අතැතිව කළහකාරීව හැසිරිණු අයෙක් 1990 ගෙනියලා..

පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේ වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ ලොරි රථයකට කඩුවක් අතැතිව නැග ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට අවශ්‍ය බව පවසමින් කලහකාරීව හැසුරුණු පුද්ගලයෙකු පොලීසිය මැදිහත් වී පාලනය කොට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිළියන්දල තුම්බෝවිල ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය පවසනවා.

මෙම පුද්ගලයා අද (26) උදෑසන ජාලියගොඩ හන්දියට කඩුවක් රැගෙන පැමිණ අසල්වාසීන්ට පරුෂ වචන කියමින් කලාකාරීව හැසිරී තිබෙනවා.

ඒ අතරතුරදී අවට පිරිස පරුෂ වචන නොකියන ලෙසට පැවසීමෙන් පසුව ඊට උරණ වී අසල නවතා තිබූ ලොරි රථයකට නැග ජනාධිපති හමුවීමට අවශ්‍ය බවත් එසේ නොවන්නේ නම් බෙල්ල කපාගෙන සියදිවි හානි කර ගන්නා බව පවසමින් කලහකාරීව හැසිරී ඇති බව සඳහන්.

පසුව තත්ත්වය පාලනය කිරීමට අසල්වාසීන්ට නොහැකි වූ නිසා මේ බව පොලීසියට දැනුම් දීමෙන් පසුව නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ තත්ත්වය පාලනය කළා.

පසුව අනාවරණය වී තිබුණේ කලාකාරීව හැසුරුණු පුද්ගලයා මානසික රෝගයකින් පෙළෙන පුද්ගලයෙකු බවයි.

ඒ අනුව ජනාධිපතිතුමා හමුවීමට බව පවසමින් පොලීසිය මැදිහත් වී එම පුද්ගලයා ලොරි රථයෙන් බිමට බස්සවා ගෙන එම ස්ථානයට ගෙන්වන ලද 1990 සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

එම පුද්ගලයා අත තිබූ කඩුව පොලිස් භාරයට ගත් අතර සිද්ධියෙන් කිසිවෙකුටත් හානියක් නෑ.

සිද්ධිය සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads