Global Platform For All Sri Lankans

Lanka Hit News

ඩයි වර්ගයක් විෂ වී පුද්ගලයෙකු මරුට

ඩයි වර්ගයක් යොදා රැවුල හා කොණ්ඩය පාට කළ පුද්ගලයකු එම ඩයි වර්ගය විෂ වීමෙන් පසුගිය 24 වනදා මිය ගොස් ඇති බව වැල්ලවාය පොලීසිය පවසනවා.

මෙලෙස මියගියේ වැල්ලවාය, පුබුදුගම,මැදගලගම ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි විවාහකයෙක්.

මියගිය සැමියා වැල්ලවාය, හදපානාගල ප්‍රදේශයේ සැලුනයකින් රැවුල හා කොණ්ඩය ඩයි වර්ගයක් යොදා පාට කළ පසු ඒවා විෂ වී මියගිය බවට බිරිඳ පැමිණිලි කර තිබෙනවා.

සැලුන් හිමිකරුගෙන් හා එහි සිටි දෙදෙනෙකු ගෙන් ඒ පිළිබද ප්‍රකාශ ලබාගත් බවත් එම ඩයි වර්ගය හා යොදාගත් අනෙකුත් භාණ්ඩ අත්අඩංගුවට ගත් බවත් පොලීසිය වැඩිදුරටත් සදහන් කළා.

සොකෝ නිලධාරින්ද කැදවා මේ සිද්ධිය පිළිබද පරීක්ෂණ පවත්වා තිබෙන බව සඳහන්.

වැල්ලවාය හදිසි මරණ පරීක්ෂකවරයා හා මොණරගල අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරමින් විවෘත තීන්දුවක් ලබාදුන් බවද පොලීසිය ප්‍රකාශ කළා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads