ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු සෑම් කොන්ස්ටාස් සමඟ මතභේදාත්මක තත්ත්වයක් ඇති කර ගැනීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩක විරාත් කෝලිට ඔහුගේ තරඟ ගාස්තුවෙන් 20%ක දඩයක් නියම කර තිබෙන විදෙස් මාධ්‍ය පවසනවා.
එමෙන්ම තරඟ තීරකවරයා මේ හේතුවෙන් කෝලිගේ විනය වාර්තාවට දඬුවම් ලකුණක් එක් කිරීමටද කටයුතු කර තිබෙන බව සඳහන්.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අද (26) දින ආරම්භ වූ සිවුවැනි ටෙස්ට් තරඟයේ පළමු දිනයේදී සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කරමින් සිටි 19 හැවිරිදි කොන්ස්ටාස් සහභාගී වී සිටියා.
එහිදී කොන්ටාස්, උස්මාන් කවාජා සමඟ කතා කිරීමට තණතීරුව දිගේ ඇවිද යන විට ඔහුගේ උරහිසේ විරාට් කෝලි සිතා මතා ගැටී තිබෙන බවයි කියන්නේ.
ඉන්පසු විනිසුරුවන් ඉදිරියේ දෙදෙනා වචන හුවමාරු කරගෙන තිබෙන අතර කවාජා තත්ත්වය සමනය කර තිබෙනවා.
ක්‍රිකට් විචාරකයින් මෙන්ම සමාජ මාධ්‍ය තුළද එම සිද්ධිය සම්බන්ධයෙන් කෝලිව දෝෂ දර්ශනයට ලක් කොට තිබුණා.
36 හැවිරිදි කෝලි “නුසුදුසු ශාරීරික සම්බන්ධතා” පිළිබඳ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (අයිසීසී) මාර්ගෝපදේශ කඩ කර ඇති බවයි තරඟ තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පැවසුවේ.
මේ සම්බන්ධයෙන් ICCය පවසා ඇත්තේ කෝලි එම දඬුවම පිළිගෙන ඇති බැවින් විධිමත් විනය විභාගයක් අවශ්‍ය නොවන බවයි.
කෙසේ නමුත් සිය මංගල ටෙස්ට් තරඟයට ක්‍රීඩා කළ කොන්ස්ටාස් පන්දු 65කින් ලකුණු 60ක් ලබා ගනිමින් තරඟයේ පළමු දින නිමාවන විට ඕස්ට්‍රේලියාවට ලකුණු 311-6ක් ලබා ගැනීමට සමත් ව තිබෙනවා.