Global Platform For All Sri Lankans

Lanka Hit News

රට ක්ලීන් කරන්න සංගයි මහේලයි එකතු වෙලා..

 

නව රජයේ ”ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන අද උදෑසන ජනාධිපති කාර්යාලයේ එළිදැක්වීමේ සිදු කෙරුණා.

එයට සහාය දැක්වීම සඳහා ශ්‍රි ලංකාවේ හිටපු ක්‍රිකට් නායකයින් තිදෙනෙක් වන කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි යන අය සහභාගී වී තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් මහේල ජයවර්ධන සඳහන් කළේ මෙය ඉතා වැදගත් බවත් පුරවැසියන් ලෙස මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට ලොකු වගකීමක් ඇති බවත් එයට සෑම දෙනාගේම සහයෝගය පතන බවත් ය.

එමෙන්ම විවිධ පාර්ශ්වයන් විසින් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean SriLanka) වැඩසටහන සරල ව අර්ථකථන කළ ද එහි ඇතුළත ගැඹුරු සංකල්පයක් සහ යාන්ත්‍රණයක් පවතින බවයි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පැවසුවේ.

මෙම වැඩසටහන කාලීන වූ ද, රටට අත්‍යවශ්‍යයෙන් ම සිදුවීමට වුවමනාවක් පවතින ක්‍රියාවලියක් බවද නව වසර ඇරඹුම සිදු වන පළමු දිනයේ දී ම මෙවැනි සුබදායික කටයුත්තක් රටක් ලෙස ඇරඹීම ගැන තමන් සතුටු වන බව ද ඔහු සඳහන් කළා.

වැඩසටහන හා එක්වෙමින් සිදත් වෙත්තමුණි පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය ඉතාමත් සාර්ථක ව්‍යාපෘතියක් වනු ඇති බවයි.

”ක්ලීන් ශ්‍රී ලංකා” ජනාධිපති කාර්ය සාධක බළකාය, ජනාධිපති කාර්යාලය හා එක්ව වැඩසටහන සම්පාදනය කර තිබෙනවා.

මෙමගින් ආදර්ශය ලබා දීම, පෙළඹවීම, යොමු කිරීම සහ වෙනස්වීමේ අවශ්‍යතාව ශක්තිමත්ව තහවුරු කිරීම තුළින් සමාජයක චර්යාමය වෙනස්කම් සිදු කිරීමේ ශක්තිමත් ප්‍රවේශයක් ලබා ගත හැකියි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads