Global Platform For All Sri Lankans

Lanka Hit News

අපේක්ෂා රෝහලේ ඇටමිදුලු හා ජනන සෛල බද්ධ කිරීමේ නව ඒකකය අද විවෘත වෙයි

 

ලියුකේමියා රෝගී තත්ත්වයට ගොදුරු වන මෙරට බොහෝ දරුවන්ට ඇති එකම ජීවිත අපේක්ෂාව වන්නේ විදෙස් රටකදී ඇටමිදුලු බද්ධ කිරීමේ ප්‍රතිකාරයයි.

ඒ සඳහා වැය වන අධික මුදල දරා ගැනීමට නොහැකිව මව්පියන් අසරණ වන වාර අනන්තයි.

නමුත් එලෙස මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුංචි මල් කැකුළුවලට අද(02) සිට ජීවිතය පිළිබඳ අලුත් අපේක්ෂාවක් හිමි වනවා.

අපේක්ෂා රෝහලේ හෙට විවෘත වන ඇටමිදුලු හා ජනන සෛල බද්ධ කිරීමේ නව ඒකකය ඉදිකර ඇත්තේ රුහුණු කතරගම මහා දේවාලයට පැමිණෙන බැතිමතුන් ලබා දෙන ආධාර මුදලින් වීම විශේෂත්වයක්.

සිය ජීවිත නිරෝගිකර ගැනීමේ බලාපොරොත්තුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින පුංචි මල් කැකුළුවලට හෙට සුවිශේෂි දවසක්.

ඒ මෙරට රජයේ රෝහලක ප්‍රථම වරට ඇට මිදුලු හා ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයක් විවෘත වීම නිසාවෙන්.

අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ ජීවිතවලට නව අපේක්ෂාවක් එක් කරන මෙම විශේෂ ඒකකය ස්ථාපිත කර ඇත්තේ රුහුණු කතරගම මහා දේවාලයට පැමිණෙන බැතිමතුන් ලබා දෙන ආධාර මුදලින් වීමත් විශේෂත්වයක්.

මේ සඳහා ශ්‍රම දායකත්වය සැපයීමට ආරක්ෂක හමුදාවේ පිරිසක් ඉදිරිපත් වූ අතර මෙම ඇට මිදුලු හා ජනන සෛල බද්ධ කිරීමේ ඒකකයෙන් එකවර දරුවන් සිව්දෙනෙකුට ප්‍රතිකාර ලබා දීමට හැකි බවයි පැවසෙන්නේ.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads