Global Platform For All Sri Lankans

Lanka Hit News

ටිබෙට් භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූවන්ට චීන සහන සැපයුම් ළඟා වෙයි

චීනයේ ටිබෙට් හෙවත් Xizang ස්වායත්තයේ Shigatse නගරයට ඊයේ (07) දිනයේ බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ආහාර හා තැන්පත් කිරීමේ ජාතික පරිපාලනය ඇතුළු ආයතන විසින් සපයනු ලැබූ එම සහන සැපයුම් ඊයේ රාත්‍රීයේ එම ප්‍රදේශ වෙත ළඟා වී ඇති බවයි කියන්නේ.

6000 කට ආසන්න කූඩාරම්, ඇඳ ඇතිරිලි මෙන්ම ඇඳුම් ද ඊට ඇතුළත්.

තවත් 16,000ක පමණ සහන තොගයක් අද එම ප්‍රදේශ වෙත ළඟා වීමට නියමිතයි.

ඊයේ සවස 7 පමණ Shigatse නගරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් 126 දෙනෙකු මිය ගිය අතර 188දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

කෙසේ වෙතත් චීන මාධ්‍ය පවසන්නේ භූමිකම්පාවෙන් අවහි‍ර වූ මාර්ග සියල්ල මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් මෙම භූමිකම්පාවෙන් මිය ගිය අය හා ඔවුන්ගේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කර තිබුණා.

එමෙන්ම රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා සහ සර්බියානු ජනාධිපති Aleksandar Vučić මහතා මෙන් ම යුරෝපා කොමිසම ද මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් චීනය වෙත සිය කණගාටුව පළ කර ඇති බව සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads