Global Platform For All Sri Lankans

Lanka Hit News

වාර විභාග ප්‍රශ්නපත්‍ර පිටකළ ගුරුවරයාගේ වැඩ තහනම්

 

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණිවල වාර විභාග ප්‍රශ්න සමාජ මාධ්‍ය හරහා මුදා හළ ගුරුවරයාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.

එලෙස පිළිතුරු පත්‍ර පිටවී ඇත්තේ හයවන ශ්‍රේණියට අදාළ භූගෝල විද්‍යා ප්‍රශ්න පත්‍රයේ බවටයි එම සංගමයේ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් අසේල විජේසිංහ ප්‍රකාශ කළේ.

එමන්ම උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 11 ශ්‍රේණියේ වාර විභාගයට අදාළව තවත් ප්‍රශ්ණ පත්‍ර දෙකක් පිටවී ඇති බවට පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණා.

උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් සිරිමෙවන් ධර්මසේන පැවසුවේ විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර මෙලෙස පිටව ඇති බවයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads