සහල් ගිඟයක් මේ වන විට වෙළඳපොළේ නිර්මාණය වී ඇති බවත් සහල් ආනයනය එයට විකල්පයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ පිළිබඳව සඳහන් කර සිටියේ, අද(08) පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්.
එහිදී මන්ත්‍රී නාමල් රාජපක්ෂ අගමැති හරිනි අමරසූරියගෙන් විමසා සිටියේ, මහ කන්නයට හිමි පොහොර සහනාධාරය සම්බන්ධයෙන් රජයේ තීරණය මොනවාද යන්නයි.
මහ කන්නය සඳහා පොහොර සහනාධාරය හිමි ගොවීන් සංඛ්‍යාව දිස්ත්‍රික් මට්ටමින් නමලක්ෂ අනූ හයදහස් නවසිය අනූ දෙකක් බවයි අගමැතිනිය පවසා සිටියේ.
එමෙන්ම ඒ දිස්ත්‍රික් සදහා පොහොර සහනාධාරය ලබා දෙන කාල සීමාව 2024 ඔක්තොම්බර් 01වැනිදා සිට 2025 පෙබරවාරි 15 දක්වා බවත් රුපියල් 25000 පොහොර සහනාධාරය රුපියල් 15000ක වාරිකයක් සහ 10000ක වාරිකයක් ලෙස ලබා දෙන බවද ,
මැතිවරණ කොමිසමේ නියෝග පරිදි මේ වන විට සියලු දිස්ත්‍රික්ක සඳහා පළමු වාරිකය වන 15000ලබා දී ඇති අතර දිස්ත්‍රික්ක මට්ටමින් ලැබෙන ඉල්ලීම් මත මෙම පොහොර සහනාධාරය ලබා දෙන අතර , 2024 ඔක්තොම්බර් 01වැනිදා සිට 2025 පෙබරවාරි 15 වැනිදා දක්වා ලබා දීමට නියමිත බවද ,
ඉදිරියේදී මේ සඳහා සාධානීය ක්‍රමයක් අනුගමනය කිරීමට රජය බලාපොරොත්තු වෙන බවත්, ඒ සඳහා ගොවි සංවිධාන සඳහා ගොවීන්ගෙන් අදහස් විමසා බලන බවද , අගමැති හරිනි අමරසූරිය සඳහන්කර සිටියා.
එමෙන්ම, 2024,2025 කන්නය වෙනුවෙන් කුඹුරු ඉඩම්වල වී වගා කරන ගොවීන් සඳහා ලබා දෙන මූල්‍ය සහනාධාරයට අමතරව මියුරියේට්ඔෆ් පොටෑෂ් මෙට්‍රික් ටොන් 25239.73 රජය විසින් නොමිලේ ලබා දීමට කටයුතු කරන බවද අගමැතිනිය වැඩිදුරටත් පවසා සිටියා.