වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් සඳහා තෙවනවාර පරීක්ෂණයේදී ඊයේ (07) දින ලබාදුන් හත ශ්‍රේණිය චිත්‍ර කලාව පළමු ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද සිසුන් වෙත ලබාදී අැති බව මව්පියෝ සඳහන් කර තිබෙනවා.
හත ශ්‍රේණිය චිත්‍ර කලාව ප්‍රශ්න පත්‍රය සමඟ පිළිතුරු පත්‍රයද එහි පිටුපස මුද්‍රණය කොට අැති අතර එ‍් පිළිබඳ නොදත් ගුරුවරුන් විභාගය අාරම්භ කිරීමෙන් පසු ප්‍රශ්න පත්‍රය ළමුන්ට ලබාදීමෙන් අනතුරුව පිළිතුරු පත්‍රය පිළිබඳ නිරීක්ෂණය වී අැති බව යි සඳහන් වන්නේ.
වවුනියාව දකුණ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් බහුතරයක් පාසල් ප්‍රශ්න පත්‍රයේ තිබූ පිළිතුරු කොටස සමඟ ලබා දී අැති අතර පාසල් කිහිපයක් එම කොටස ඉවත්කර ළමුන් වෙත ප්‍රශ්න පත්‍රය ලබාදී අැති බවත් සඳහන් වුණා.
මේ හේතුවෙන්, සිසු දරුවන්ට විශාල අසාධාරණයක් සිදුව අැති බවත්, ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කළ පසු බලධාරීන් කිසිවෙකු ප්‍රශ්න පත්‍රය පරීක්ෂා කිරීමකින් තොරව පාසල් වෙත ලබාදී ඇති බවටත් දෙමව්පියන් චෝදනා කරනවා.