හවාලා සහ උණ්ඩියල් ක්‍රමය මෙරට අනීතික නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
එසේ වුවද එය කිසි ලෙසක නියාමනය නොවන බවයි ඔහු සඳහන් කරන්නේ.
ඔහු මේ බව පවසා සිටියේ අද (08) පාර්ලිමේන්තුවේදීයි.
එහිදී මන්ත්‍රීවරයා මෙසේද පැවසුවා.
”හවාලා සහ උණ්ඩියල් කියන ක්‍රමය අපේ රටේ අනීතික නැහැ. නමුත් ඒක කිසිම විදිහකට නියාමනය වෙන්නේ නැහැ. ඒ නිසා යෝජනාවක් කරලා තියෙනවා 2024 ජූනි ඉඳලා 2025 මැයි කියන මාස දොළහ ඇතුලේ මේ හවාලා උණ්ඩියල් ක්‍රමයට මුදල්වල වටිනාකම අන්තර්ජාතිකව ගනුදෙනු කට්ටියක් රෙජිස්ටර් වෙන්න ඕනේ කියලා. ඒ සම්බන්ධයෙන් තමයි මේ යෝජනාව තියෙන්නේ.
කාරක සභාව මහ බැංකුවෙන් ඉල්ලා හිටියා මේ පිළිබඳව ගැඹුරු සමාලෝචනයක් කරලා ඉදිරිපත් කරන්න කියලා වාර්තාවක්. නමුත් එය සම්මත කරලා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා.”
Author: Lanka Hit News
Post Views: 8