Global Platform For All Sri Lankans

Lanka Hit News

පළාත් පාලනයත් අලුතින් ගැසට් වෙයි

 

ඡන්ද විමසීම 2023.03.09 දින කැඳවනු ලැබ එදින පැවැත්වීමට නොහැකිවූ සහ කල්තබා ඇති ඇතැම් පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් අලුතින් නාම යෝජනා කැඳවා අලුතින් ඡන්ද විමසීම පැවැත්වීමට විධිවිධාන සැළැස්වීමට අදාළ 2024 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන )පනත සඳහාවූ පනත් කෙටුම්පත රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

2024 ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි තැනැත්තන්ට අලුතින් ඡන්ද විමසීමේදී ඡන්ද පාවිච්චි කිරීමේ සහ නාම යෝජනා ඉදිරිපත් කිරීමේ අයිතිය ලබාදීමට මෙන්ම තරුණ අපේක්ෂකයන්ට නාම යෝජනා සිදුකිරීමට විධිවිධාන සැලැස්වීමට අවශ්‍ය වී ඇති හෙයින් මෙම පනත් කෙටුම්පත සකස් කර ඇති බව මෙම මස 01 දිනෙන් නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ.

පැවැත්වීමට නියමිතව තිබූ මෙම ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාම යෝජනා වලංගු නොවන හා බලාත්මක නොවන ලෙස සලකන බවද ආඥා පනතට අනුව පළකරන ලද දැන්වීම් ප්‍රත්‍යාදිෂ්ඨ කරන බවද ,නාම යෝජනා දුන් අපේක්ෂකයන් වෙනුවෙන් සිදුකර ඇති තැන්පතු ඒ බවට දුන් ලදුපත ඉදිරිපත් කලවිට ආපසු ගෙවීමටද ,මෙහි උපලේඛන ගත පළාත් පාලන ආයතන 350 වෙනුවෙන් ඡන්ද විමසීම පැවැත්වීමට පියවර ආරම්භ කළ යුතු බවද මෙම කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.

නාම යෝජනා දැන්වීම් මැතිවරණ කොමිෂන් සභාව මඟින් ගැසට් පත්‍රයේ පළකරනු ලබන නියමයන් මඟින් නිශ්චය කරනු ලැබිය හැකි දිනකදී පළකළ යුතු අතර එම දිනය මේ පනත ක්‍රියාත්මක වන දින සිට මාස තුනකට පසු දිනයක් නොවිය යුතු බවද මෙම කෙටුම්පතේ සඳහන් වනු ඇති.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads