Global Platform For All Sri Lankans

Lanka Hit News

ජාතිකාරක්ෂක පරීක්ෂණය සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ඇති තීරණයට චීනයේ විරෝධය

චීනය ඇතුළු රටවල මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති සම්බන්ධයෙන් ඊනියා “ජාතිකාරක්ෂක” පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඇමරිකා වාණිජ දෙපාර්තමේන්තුව ගෙන ඇති තීරණයට චීන වාණිජ අමාත්‍යංශය දැඩි අසතුට සහ විරෝධය පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

චීන වාණිජ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ සත්‍ය සාක්ෂි නොමැතිව ඇමරිකාව ගත් මෙම තීරණය සම්පූර්ණයෙන්ම වගකීම් විරහිත ක්‍රියාවක් බවයි.

මෙම පියවර ජාතිකාරක්ෂක සංකල්පය අශෝභන අයුරින් සමාන්‍යකරණය කිරීමක් බවත්, එය සෙසු රටවල කර්මාන්ත පීඩාවට ලක් කිරීමට රාජ්‍ය බලය අයුතු ලෙස යොදා ගැනීමක් බවත් එම අමාත්‍යංශය චෝදනා කරනවා.

එමගින් ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හී සුමට පැවැත්මට බාධා කෙරෙන අතර ඇමරිකාව ඇතුළු පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකාම් නොසලකා හැරෙන බවද සඳහන්.

එසේ ම චීන වාණිජ අමාත්‍යංශය වැඩි දුරටත් පවසන්නේ චීනය මෙම තත්ත්වය සමීපව නිරීක්ෂණය කරන අතර විෂයානුබද්ධ කරුණු කෙරෙහි ගරු කරමින් වැරදි ක්‍රියාවන් වහාම නතර කරන ලෙස ඇමරිකාවෙන් ඉල්ලන බවයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads