සහල් ආනයනය කරන මුවාවෙන් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුවන බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර චෝදනා කරනවා.
නාඩු හා කැකුළු සහල් ලෙස වැඩි ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ බාස්මතී සහල් බවත් එමගින් කෝටි ගණනක වංචාවක් සිදුව ඇති බවත් ඔහු පෙන්වා දුන්නා.
එමෙන්ම මෙය රජයේ බලවත් අය දැනුවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව ගැටළුවක් ඇති බවද හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා.
මේ අතර සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දී තිබෙන අවසරය අනිද්දායින් අවසන් වීමට නියමිතයි.
පවතින සහල් හිඟයට පිළියම් ලෙස සහල් ආනයනය කිරීම සඳහා රජය ලබා දී තිබූ අවසරය ලබන 10 වැනිදායින් අවසන් වීමට නියමිතයි.
ඊයේ දහවල් 12 වනවිට පෞද්ගලික අංශය සහ රජය මගින් මෙරටට සහල් මෙටි්‍රක් ටොන් එක් ලක්ෂ දහසකට අධික ප්‍රමාණයක් ආනයනය කර තිබුණා.
ඒ අතර කැකුළු සහල් මෙටි්‍රක් ටොන් 40,000ක් සහ නාඩු සහල් මෙට්‍රික් ටොන් 61,000ක් වන බවයි ශ්‍රී ලංකා රේගුව ප්‍රකාශ කළේ.