ලෝක වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ පංගුව අත්පත් කර ගැනීම නව උත්පාදන වැඩපිළිවෙළ හරහා සිදු කළ හැකි බවත්, නව මාදිලි තුළින් නව වෙළෙඳපොළ අවස්ථා නිර්මාණය වන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අවධාරණය කර තිබෙනවාව්.
ජනාධිපති අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේදී අද (08) පැවති උත්සවයට එක්වෙමින්.
පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණ ප්‍රවේශයක් ඇති කිරීම සඳහා nirdc.gov.lk නව වෙබ් අඩවිය දියත් කිරීමද මෙම අවස්ථාවේ සිදු කර තිබෙනවා.
රට තුළ නවෝත්පාදකයන් ගම් මට්ටමින් පවා බිහි වුවද, ඔවුන්ගේ අදහස් හා නිපැයුම් නිසි ලෙස උකහා ගැනීමේ යාන්ත්‍රණයක් හෝ ඔවුනට අවශ්‍ය යටිතල පහසුකම් සැපයීමක් සිදු වූයේ ද අවම මට්ටමකින් බවයි එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ.
එමෙන්ම ඔහු පැවසුවේ මෙම මානව සම්පතට නිවහල් ලෙස සිතන්තට අවශ්‍ය පරිසරය සාදා දීම, ඔවුන්ගේ නව අදහස් පර්යේෂණ හා ගවේෂණ තුළ කාර්යක්ෂම ලෙස සැකසූ යාන්ත්‍රණයක් හරහා ලබාදීම තුළින් ලංකාව නවෝත්පාදන මධ්‍යස්ථානයක් බවට අනාගතයේ පත් කර ගත හැකි බවයි.
මෙතෙක් කලක් ශ්‍රී ලංකාව වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් 0.12%ක් පමණ අඩු ප්‍රතිපාදනයක් පර්යේෂණ හා සංවර්ධන සඳහා වෙන් කර තිබුණි. නමුත් ශ්‍රී ලංකාව සතුව බොහෝ ස්වභාවික සම්පත් ඇතත් එය නිසි පරිදි කළමනාකරණය සඳහා සහ මෙම වටිනා පර්යේෂණ තවමත් ආර්ථික ප්‍රතිලාභ සඳහා යොදා ගෙන නොමැත.
නව රජයේ පත් වීමත් සමඟ දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයන් විශාල සංඛ්‍යාවක් මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට විශාල උනන්දුවක් ද දක්වමින් සිටිනවා.
![Lanka Hit News](https://secure.gravatar.com/avatar/403db0c9ef6805ee5818383b12ef7a4e?s=96&r=g&d=https://lankahitnews.com/wp-content/plugins/userswp/assets/images/no_profile.png)