Global Platform For All Sri Lankans

Lanka Hit News

ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම නම් කරයි

ශ්‍රි ලංකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා සහභාගිවන ඕස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය නායක පැට් කමින්ස් වෙනුවට මෙවර කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙන්නේ ස්ටීවන් ස්මිත්ටයි.

පැට් කමින්ස් මෙම තරඟාවලියෙන් ඉවත්ව ඇත්තේ සිය දෙවන දරුවාගේ උපත අපේක්ෂාවෙන් සිටින බැවින් බවයි සඳහන් වන්නේ.

ට්‍රැවිස් හෙඩ්හට කණ්ඩායමේ උප නායකත්වය හිමිව තිබෙනවා.

ඊට අමතරව ඉන්දීය තරඟාවලිය තුළ දැඩි කතා බහට ලක් වූ නවක ක්‍රීඩක සෑම් කොන්ස්ටස් මෙම සංචිතය තුළට ඇතුළත් කර තිබීම විශේෂත්වයකි.

⁣ෂෝන් ඇබට්, ස්කොට් බෝලාන්ඩ් ,ඇලෙක්ස් කේරි ,කූපර් කොන්ලි ,⁣ජොෂ් ඉංග්ලිෂ් යන ක්‍රීඩකයින්ද සංචිතයට ඇතුළත්. කර තිබෙන බව සඳහන්.

එමෙන්ම මෙම සංචිතයට උස්මාන් කවාජා ,මානස් ලබුචේන්ග්, නේතන් ලයන් ,මිචෙල් ස්ටාර්ක් සහ බේව් වෙබ්ස්ටර් වැනි ප්‍රබල ක්‍රීඩකයින්ද එක් කර තිබෙනවා.

දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන ජනවාරි 29 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads