ජාත්‍යන්තර ප්‍රජාව එක්ව සිරියාව ශක්තිමත් කිරීම සඳහා ගත යුතු පියවරයන් සම්බන්ධීකරණය කළ යුතු බවත්,ඒ ඔස්සේ සිරියාවේ ස්ථාවරත්වය සහ සංවර්ධනය ළඟා කර ගැනීමට සහය දිය යුතු බවත් චීනය පවසනවා.
යුද ගැටුම් සහ දේශපාලන අස්ථාවර බව හේතුවෙන් සිරියාවේ තත්ත්වය තීරණාත්මක අවධියක පවතින බැවින් භයානක අභියෝගවලට මුහුණ දෙනු ඇති බවයි එක්සත් ජාතීන්ගේ චීන ස්ථාවර නියෝජිත Fu Cong මහතා ප්‍රකාශ කරන්නේ.
සිරියානු ප්‍රශ්නය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රසිද්ධ රැස්වීමේදීයි ඊයේ (8) ඔහු මේ බව සඳහන් කළේ.
Fu Cong මහතා පවසන්නේ සිරියාව ලොව බරපතලම මානුෂීය තත්ත්වයක් ඇති රටවලින් එකක් බවත්, දිගුකාලීන නීති විරෝධී ඒකපාර්ශ්වික සම්බාධක සිරියානු ජනතාවගේ දුක්ඛිත තත්ත්වය තවත් උග්‍ර කර ඇති බවයි.
මෙම තත්ත්වය තුළ ජාත්‍යන්තර ප්‍රජාව සිරියාවට ලබාදෙන ආධාර වැඩි කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා.
එසේම, එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්බන්ධීකරණ කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් මානුෂීය ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වේගවත් කළ යුතු බවත් ඔහු පවසා සිටි බව සඳහන්.
චීනය දිගු කලක් තිස්සේ සිරියාව සමඟ මිත්‍රශීලී සහයෝගීතා ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත්, කිසි විටෙකත් සිරියාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවූ බවත් Fu Cong මහතා යළි අවධාරණය කර සිටියා.
එමෙන්ම Fu Cong මහතා වැඩි දුරටත් පවසා ඇත්තේ සිරියාවට සාමකාමීව රට තුළ ස්ථාවර දේශපාලන තත්ත්වයක් පවත්වා ගැනීමට සහ ක්‍රමයෙන් සංවර්ධන මාවතට පිවිසීම ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි.