Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමරිකාවේ ලැව් ගිනි මැද නිවෙස් කොල්ලකෑම් – 20ක් අත්අඩංගුවේ

ඇමරිකාවේ ලැව් ගිණි හේතුවෙන් අතහැර දමා ගිය නිවෙස් කොල්ලකෑමේ සිද්ධින් සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙක් පමණ මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

මෙම පවතින තත්ත්වය හමුවේ ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පැනවීමට බලධාරින්ගේ අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර එරට බලධාරීන් පවසන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරට බලපා ඇති ලැව් ගිණි තත්ත්වය හේතුවෙන් සිදුවී ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.

මේ වන විට ලැව් ගිණි හේතුවෙන් වාර්තා වී තිබෙන මරණ ගණන 5ක් පමණ වේ.

පවතින අධික සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගින්න තවත් වර්ධනය වන බව කියයි.

මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට සහන කණ්ඩායම්වලට ඇතුළුවීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.

අක්කර 30000කට ආසන්න ප්‍රදේශයක් මේ වන විට ලැව් ගිනි තත්ත්වය හේතුවෙන් විනාශ වී ඇති බවයි පැවසෙන්නේ.

ඇමරිකානු ඩොලර් බිලියන 150ක පමණ හානියක් මේ දක්වා සිදුව ඇති බව සදහන් කරනවා.

ඉදිරි මාස 6ක කාලය තුළ අවතැන් වූ පිරිස් සම්බන්ධයෙන් මධ්‍යම රජය සම්පූර්ණයෙන් බලා ගන්නා බවයි ලැව් ගිණි තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසා ඇත්තේ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ ඇමරිකාවේ උප ජනාධිපති සිය ඉදිරි විදෙස් ගමන් අවලංගු කර තිබෙන බව සඳහන්.

ඇය සිංගප්පුරුව,බහරේනය සහ ජර්මනියේ ඉදිරියේදි සංචාරය කිරීමට සැලසුම් කරයි තිබුණේ.

මෙම පවතින වායු ගුණාත්මක තත්ත්වය සැලකිල්ලට ගෙන ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ සියලු පාසල්වලට අද දිනයේ නිවාඩු ලබාදීමටද බලධාරීන් පියවර ගෙන තිබෙන බව වාර්තා වෙනවා

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

Top Headlines

”බහාලුම් තදබදය නිසා නෞකා 25ක් 30ක් හැරී ගිහින්” තවත් ප්‍රශ්නයක් ?

බහාලුම් නිෂ්කාශනයේ පැවති ප්‍රමාදය හේතුවෙන් මෙරටට පැමිණි නැව් 25ත් 30ත් අතර ප්‍රමාණයක් යළි හැරීගොස් ඇති බවට නැව් නියෝජිතයින්ගේ දත්ත තුළින්

Corona update

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads