වයඹදිග චීනයේ පුචෙන්ග් නගරයේ නව යොවුන් වියේ පිරිමි ළමයෙකුගේ මරණයක් හේතුවෙන් ප්‍රචණ්ඩ විරෝධතා ඇති කළ බව බීබීසී ඇතුලු විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.ඊට අදාළ වීඩියෝ දර්ශන, සමාජ මාධ්‍යවල පළවු අතර ෂැන්සි පළාතේ පුචෙන්ග් හි විරෝධතාකරුවන් පොලිසියට සහ නිලධාරීන්ට පහර දෙන ආකාරය දැකිය හැකිය.
ජනවාරි 2 වන දින ඔහු පාසල් නේවාසිකාගාරයේ සිදුවූ අනතුරකින් වැටී මිය ගිය බව බලධාරීන් පැවසීය. නමුත් ඔහුගේ මරණයෙන් පසු, සමාජ මාධ්‍යවල චෝදනා පැතිරෙන්නට පටන් ගත්තේ සිද්ධිය පිළිබද යම් සැඟවීමක් සිදුවී ඇති බවටයි.
Author: Lanka Hit News
Post Views: 8