2025 වසර සහ ඉදිරි කාලය සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පසුගිය දින මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ විසින් ඉදිරිපත් කරන ලදී.එම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර ඇත්තේ, “සෞභාග්‍යය උදෙසා ස්ථාවරත්වය” යන අරමුණ පදනම් කරගෙන ය.
“ඉතිහාසයේ වාර්තා වූ දරුණුතම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට කැපීපෙනෙන ලෙස යථා තත්ත්වයට පත්ව ඇති,” බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ” එවැනි ම තත්ත්වයන්ට මුහුණ දුන් අනෙකුත් රටවල් හා සසඳන විට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූවාට වඩා වැඩි වේගයකින් යථා තත්ත්වයට පත්වූ නමුදු එම ස්ථාවරත්වය මැදි කාලීනව සහ දිගු කාලීනව පවත්වා ගැනීම, අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට රටෙහි ඇති කැපවීම මත පදනම් වන,” බව ද මහ බැංකුව පෙන්වා දෙයි.
Author: Lanka Hit News
Post Views: 45