Global Platform For All Sri Lankans

Lanka Hit News

දුම්රිය ස්ථානාධිපතිවරු සාමාන්‍යාධිකාරිට දවස් 14ක් කල් දෙති

දුම්රිය ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ පටිපාටිය සහ ශ්‍රේණි උසස් වීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම දිගින් දිගට ම ප්‍රමාද කිරීම හේතු කොටගෙන ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි.

දින 14 කාලයක් ඇතුළත ඊට විසඳුමක් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට සිදුවන බව ස්ථානාධිපති සංගමය දුම්රිය සමාන්‍යාධිකාරිවරයා වෙත ලිඛිතව පෙරේදා (ජන. 8) දැනුම් දී ඇත.

මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි නමුත් ඊට ප්‍රතිචාරයක් නැති බව ත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේය.

දුම්රිය ස්ථානධිපතිවරුන් සඳහා වන වසර පහෙන් පහට උසස් වීම් ක්‍රමවේදය දිගින් දිගට ම ප්‍රමාද කිරීම හේතුවෙන් සමස්ත දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදු වී ඇති බව ත් පවසන සංගමය ප්‍රමාද කර ඇති ස්ථානාධිපති බඳවා ගැනීම් පරිපාටිය අනුමත කර ගැනීමට කටයුතු කරන ලෙසද සාමාන්‍යාධිකාරිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads