ශ්‍රි ලංකා නවසිලන්ත තුන්වන හා අවසන් එක්දින තරඟය මේ වන විට ඕක්ලන්ඩ් හිදි පැවැත්වෙනවා.
මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
අද තරඟයේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුකර තිබුනේ නැහැ.
මේ අනුව මුලින් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කරනු ලැබුවා.
එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 66ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්, ජනිත් ලියනගේ ලකුණු 53ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 46 බැගින් ලබා ගැනීමට සමත් වූවා.
පන්දු යැවීමේදි මැට් හෙන්රි කඩුලු 4ක් සහ මිචෙල් සැට්නර් කඩුලු 2ක බැගිනුයි බිද හෙලුවේ.
Author: Lanka Hit News
Post Views: 10