ශ්‍රි ලංකා තරඟ සංචාරයේ සංශෝධනයක් සිදුකරන ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ඔවුන් ඉල්ලිමක් කර ඇත්තේ තරඟාවලියට අමතර එක්දින තරඟයක් ඇතුළත් කරන ලෙස බවයි කියන්නේ.
මෙම ඉල්ලිීම සිදුකර ඇත්තේ ශූරයින්ගේ කුසලාන තරඟාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් බව සඳහන්.
ටෙස්ට් තරඟ දෙකකට සහ එක්දින තරඟයකට සහභාගි වීම සඳහායි මේ මස අග ඕස්ට්‍රෙිලියානු කණ්ඩායම දිවයිනට පැමිණෙන්නේ.
ටෙස්ට් තරඟ දෙක පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේත්, එක්දින තරඟය සූරියවැව ක්‍රීඩාංගණයේත්ය.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම ඉටුවුවහොත් එක්දින තරඟ දෙකම කොළඹ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇති බව කියනවා.
කෙසේ වෙතත් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආලෝක කුලුනු මේ වන විට ප්‍රතිසංස්කරණය කරන බැවින් එම තරඟ දෙක දිවා තරඟ ලෙස පවත්වනු ඇති.
කෙසේ නමුත් අමතර එක්දින තරඟයක් ඉල්ලා සිටියද, ටෙස්ට් තරඟ දෙකෙහි වෙනසක් සිදු නොවන බවයි සඳහන් වන්නේ.