වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානය තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ඊයේ (10) ප්‍රකාශයට පත් කළේය.එහි කණ්ඩායමේ නායිකාව ලෙස මොරටුව වේල්ස් කුමරි විදුහලේ මනුදි නානායක්කාර නම්කර තිබුණි.
ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය වන ලිමන්සා තිලකරත්නද සංචිතයට ඇතුළත්ය.
මැලේසියාවේ පැවැත්වෙන මෙම තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) අළුයම දිවයිනෙන් පිටත්ව ගියේය.මේ යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩාකරන පළමු තරගය මැලේසියාවට එරෙහිව ජනවාරි 19වනදා ක්වාලාලාම්පූර්හිදී පැවැත්වේ.
Author: Lanka Hit News
Post Views: 7