Global Platform For All Sri Lankans

Lanka Hit News

නවසීලන්තයට එරෙහි තුන්වන අවසන් එක්දින තරඟයේ ජය ශ්‍රී ලංකාවට

නවසීලන්තය සමඟ පැවති තුන්වන හා අවසන් එක්දින තරඟයෙන් ලකුණු 140ක සුපිරි ජයක් ලබන්නට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වූවා.

ශ්‍රි ලංකා නවසිලන්ත තුන්වන හා අවසන් එක්දින තරඟය ඕක්ලන්ඩ් හිදීයි පැවැත් වූයේ.

මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රි ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරඟයේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නොතිබූ බව සඳහන්.

මේ අනුව මුලින් පන්දුවට පහරදුන් ශ්‍රි ලංකා කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 290ක් රැස් කරනු ලැබුවා.

එහිදී ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 66ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 54ක්, ජනිත් ලියනගේ ලකුණු 53ක් සහ කමිදු මෙන්ඩිස් ලකුණු 46 බැගින් ලබා ගැනීමට සමත් වූවා.

පන්දු යැවීමේදි මැට් හෙන්රි කඩුලු 4ක් සහ මිචෙල් සැට්නර් කඩුලු 2ක බැගිනුයි බිදහෙලුවේ.

ලකුණු 291ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 29යි පන්දු 4ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස්කර ගැනීමට හැකිවුයේ ලකුණු 150කි.

එහිදි නවසීලන්තය වෙනුවෙන් සාර්ථක වූ එකම ක්‍රීඩකයා වූ මාර්ක් චැප්මන් ලකුණු 81ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදි අසිත ප්‍රනාන්දු ,මහීෂ් තීක්ෂණ සහ ඒෂාන් මාලිංග කඩුලු 3 බැගින් බිද හෙලනු ලැබුවා.

ඊට අමතරව ජනිත් ලියනගේ එක් කඩුල්ලක් බිදහෙලුවා.

ඒ අනුව මෙම තරඟය ලකුණු 140කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වූවා.

කෙසේ වෙතත් පළමු තරඟ දෙක ජයගත් නවසීලන්ත කණ්ඩායම තරඟාවලිය තරඟ 2ට 1ක් ලෙස ජය ගත්තා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads