Global Platform For All Sri Lankans

Lanka Hit News

ඇමරිකාවේ ලැව් ගිනි පැතිරෙන ප්‍රදේශවලට ඇඳිරි නීතිය – ලැව් ගින්න සම්බන්ධයෙන් එක් අයෙකු අත්අඩංගුවේ

ලැව් ගිනි හේතුවන් බලපෑමට ලක්ව ඇති ප්‍රදේශවලට රාත්‍රී කාලයේ ඇඳරි නීතිය පැනවීමට කැලිෆෝනියාවේ ආණ්ඩුකාරවරයා තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

මෙම පියවර ගෙන ඇත්තේ සොර සතුරන්ගෙන් දේපළ ආරක්ෂා කර ගැනීමේ අරමුණිනි.

එමෙන්ම එම ප්‍රාන්තයේ පැතිරෙන ලැව්ගින්න සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවටද වාර්තා පළවෙනවා.

කෙසේ වෙතත් අදාළ පුද්ගලයා මෙම ගින්න ඇති වීමට සෘජු ලෙසම සම්බන්ධ බවට මෙතෙක් කිසිදු බලධාරියෙක් විසින් තහවුරු කර නොමැති බවයි කියන්නේ.

එමෙන්ම ජලය හිඟවීම හේතුවෙන් ගිනි නිවීමේ කටයුතු සඳහා විශාල බාධාවක් එල්ල වී තිබෙන බවද සඳහන්.

ආණ්ඩුකාරවරයා නියෝග කර ඇත්තේ ජලය හිඟවීම සම්බන්ධයෙන් ස්වාධින පරික්ෂණයක් සිදුකරන ලෙසයි.

ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා තේරිපත් වූ ජනාධිපති ⁣ඩොනල්ඩ් ට්‍රම්ප්ට එම ප්‍රදේශයට පැමිණ තත්තවය නිරික්ෂණය කරන ලෙසට ඉල්ලා ඇති බවද සඳහන්.

කෙසේ නමුත් මේ වන විට ලැව් ගිනි හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙක් පමණ මියගොස් ඇති අතර නිවාස 10000ක් පමණ විනාශ වී ඇති බවටයි ගණන් බලා තිබෙන්නේ.

පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ලැව් ගිනි තවදුරටත් පැතිර යා හැකි බවට රතු අනතුරු ඇඟවීමක්ද නිකුත් කර ඇති බව කියනවා.

මේ අතර සහන කඳවුරක් වෙත පැමිණි බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් කුමරිය පීඩාවට පත්වු ජනතාවගේ සුවදුක් විමසන අයුරුද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාවල සඳහන්.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads