Global Platform For All Sri Lankans

Lanka Hit News

ලියුමකුත් ලියලා තියලයි පැනලා තියෙන්නේ , දිවි තොරකර ගත් සිසුවිය ගැන තවත් තොරතුරු රැසක් එළියට

වයස අවුරුදු 16ක දැරියක් කොළඹ මහල් නිවාස සංකීර්ණයක 12 වන මහලින් බිමට පැන සියදිවි නසා ගැනීමේ සිද්ධිය ගැන තවත් තොරතුරු හෙළිවී තිබෙනවා.

දැරිය සිය දිවි නසාගෙන ඇත්තේ ලිපියක් ද ලියා තබමින් බව‍යි,බොරැල්ල පොලීසිය සඳහන් කරන්නේ.

ඊයේ (10) රාත්‍රී කාලයේදී, වයස අවුරුදු 16ක පාසල් දැරිය බොරැල්ලේ පිහිටි මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන තිබුණා.

බොරැල්ල පොලීසිය සඳහන් කළේ, බරපතළ තත්ත්වයේ පසුවූ ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇති දැරිය කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අතර බොරැල්ල, සර්පන්ටයින් පාර ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මියගිය දැරිය කලක පටන් මානසික ආතතියෙන් පෙළීම හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත් බව දැරියගේ මව පොලිසියට පවසා තිබේ. දැරියගේ මෘතශරීරය මේ වනවිට පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

Lanka Hit News
Author: Lanka Hit News

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads