ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් කරන ලද ඉල්ලීම සලකා බලා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රි ලංකා තරඟ සංචාරයේ සංශෝධනයක් සිදුකර තිබෙනවා.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මීට පෙර සැලසුම් කර තිබුණේ ටෙස්ට් තරඟ දෙකකට සහ එක්දින තරඟයකට සහභාගීවීම සඳහා මෙරටට සංචාරය කිරීමටයි.
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීම කළේ ශූරයින්ගේ කුසලාන තරඟාවලිය සඳහා සූදානම් වීමේ අරමුණින් තරඟාවලියට තවත් එක්දින තරඟයක් ඇතුළත් කරන ලෙසය.
ඒ අනුව එම ඉල්ලීමට යහපත් ප්‍රතිචාරයක් දක්වමින් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කළේ තරඟ සංචාරයට තවත් එක්දින තරඟයක් ඇතුළත් කිරීමටයි.
සංශෝධිත කාලසටහනට අනුව පළමු ටෙස්ට් තරඟය ලබන ජනවාරි 29 වැනිදාත්, දෙවන ටෙස්ට් තරඟය පෙබරවාරි 6 වැනිදාත් ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදි පැවැත්වීමට නියමිතයි.
එක්දින තරඟ දෙකම කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට තීරණය කරයි ඇත්තේ.
ක්‍රීඩාංගණයේ ආලෝක කුළුණුවල සිදුකරන ප්‍රතිසංස්කරණ හේතුවෙන් තරඟ දෙකම දිවා තරඟ ලෙස පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
මේ අනුව එක්දින තරඟ දෙක ලබන පෙබවරවාරි මස 12 සහ 14 යන දිනයන්හිදී පවත්වනු ලබයි.
ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලබන 24 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතයි.