Global Platform For All Sri Lankans

Lanka Hit News

ගන්දර තලල්ල බස් රථ අනතුරින් තුවාල ලැබූවන් 61ක් දක්වා ඉහළට

ගන්දර තලල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවු මාරක අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 61ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තුවාල ලැබූවන් අතර විදෙස් ජාතිකයෙකු සහ ළමුන් තිදෙනෙකුද වන බව සඳහන්.

අනතුරින්  කාන්තාවන් 30 දෙනෙකු  සහ පිරිමි පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් පොලීසිය විසින් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.


මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ බිහිසුණු බස් රථ අනතුරක් – 35කට තුවාල

 

මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ දී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයින් 35 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉන් පුද්ගලයින් 06 දෙනෙකුගේ තත්ත්වය බරපතල වන බවද සඳහන්.

තුවාලකරුවන් 29 දෙනෙකු ගන්දර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බරපතල තත්ත්වයේ පසුවන පුද්ගලයින් 06 දෙනා මාතර රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඇඹිලිපිටිය සිට මාතර දක්වා සහ මාතර සිට තංගල්ල දක්වා ධාවනය වූ බස් රථ දෙකක් මෙලෙස මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්ව තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads