Global Platform For All Sri Lankans

Lanka Hit News

18 වංගුව මාර්ගයේ ගමන් ගන්නා රියැදුරන්ට හදිසියේ දැනුම්දීමක්

පවතින අධික වැසි හේතුවෙන් වංගු ප්‍රදේශයේ ගල් පෙරළීමේ ඉඩකඩ පවතින බැවින් මහනුවර මහියංගනය ප්‍රධාන මාර්ගයේ 18 වංගුවේ වාහන ගමනාගමනයේදී දැඩි විමසිලිමත් වන ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ (18) රාත්‍රියේ සිට ඇද හැලෙන අඛණ්ඩ වැසි හේතුවෙන් මෙම ප්‍රධාන මාර්ගයේ කහටගොල්ල ඇතුලු ස්ථාන කිහිපයක ගල් පෙරලීම හේතුවෙන් එම මාර්ගය භාවිත කිරීම අවදානම් සහගත බවයි ඒ මහතා කියා සිටියේ.

ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතාගේ මෙහෙයවීම මත මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ගයේ අවදානම් ස්ථාන පිළිසකර කර තිබෙනවා.

කෙසේ වෙතත් වැසි තත්ත්වය පහව ගොස් නොමැති බැවින් යළි පස් කඳු හා ගල් පෙරලීමේ හැකියාවක් පවතින බවයි මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසුවේ.

ඒ අනුව විකල්ප මාර්ග භාවිත කරන ලෙස ද ඒ මහතා විසින් දැනුම්දී තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads