Global Platform For All Sri Lankans

Lanka Hit News

සහල් මිල ඉහළ යාමත් සමඟ, තිරිඟු පි⁣ටි ඉල්ලුම වැඩි වෙලා

වෙලෙඳපොළේ පවතින සහල් හිඟයත් සමඟ  සහල් මිල ඉහළ යෑම හේතුවෙන්, ජනතාව විසින් වැඩි වශයෙන් විකල්ප භාණ්ඩ මිලදී ගැනීමට යොමුව තිබෙනවා

විශේෂයෙන්ම මේ දිනවල තිරිඟු පිටි සඳහා පවතින පාරිභෝගික ඉල්ලුම 80%කින් පමණ ඉහළගොස් තිබෙන බවයි බලංගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන් සඳහන් කළේ.

මීට පෙර තිරිඟු පිටි සඳහා වැඩි ඉල්ලීමක් පැවතියේ, වතු ජනතාවගෙන්.

කෙසේ වෙතත්, මේ වනවිට ප්‍රදේශයේ සහල් හිගයත් සමඟ සහල් මිල ඉහළ යෑමෙන් පසු අනෙක් ජනතාවගෙන්ද තිරිඟු පිටිවලට වැඩි ඉල්ලුමක් පවතින බව බලංගොඩ ප්‍රදේශයේ වෙළෙඳසැල් හිමියන් පෙන්වා දුන්නා.

තිරිඟු පිටි ඉල්ලුම ඉහළ යෑමත් සමඟ බලංගොඩ ග්‍රාමීය ප්‍රදේශවල ඇති සිල්ලර වෙළෙඳසැල්වල තිරිඟු පිටි හිඟයක් ද ඇති වෙමින් තිබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads