පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ අද (21) උදෑසන ගැටුමක් ඇතිකරගෙන තිබෙනවා.
මන්ත්‍රීවරයා අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීමට පැමිණෙන අතරතුරදී අනුරාධපුර රඹෑව ප්‍රදේශයේදී මෙම ගැටුම ඇතිකර ඇති බවයි වාර්තා වෙන්නේ.
මන්ත්‍රීවරයාගේ රථය VIP විදුලිපහන් භාවිතා කරමින් අනෙකුත් වාහනවලට බාධාවන ආකාරයෙන් ධාවනය කිරීම හේතුවෙන් පොලිසිය එම රථය නවතා ඇති අතර පොලිස් නිලධාරීන් මන්ත්‍රීවරයාගෙන් හැඳුනුම්පත ඉල්ලා තිබෙනවා.
”මම යන්නේ පාර්ලිමේන්තු. ඔයාගේ රාජකාරියට වඩා මගේ රාජකාරිය ලොකුයි. ” ආදී ලෙස පවසමින් මන්ත්‍රී අර්චුනා පොලිස් නිලධාරීන් සමඟ දිගින් දිගටම වාද කරගෙන ගිය බවයි ප්‍රදේශයේ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.
Post Views: 16