Global Platform For All Sri Lankans

Lanka Hit News

ලසිත් මාලිංගගේ ” KILLER” එළියට..

 

හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග විසින් ” KILLER”නමින් කෘතියක් එළිදක්වා තිබෙනවා.

ඊයේ (20) පස්වරුවේ කොළඹදී මෙම පොත දොරට වැඩීම සිදුවුණා.

එම අවස්ථාවට විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ලසිත් මාලිංග එහිදී පවසා සිටියේ මෙවැනි අදහසක්.

” මුලින්ම ගොඩක්ම සතුටුයි. විශේෂ හේතුව අද මම මෙතනට ඇවිල්ල මේ විදිහට කාථා කරන්න හෝ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට දැන් මම ඉන්න තැනට ප්‍රධානතම හේතුව තමයි මම විශ්වාස කරන්නේ මම ගාල්ල රත්තගම ප්‍රදේශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට ආපු එක්කෙනෙක්. හැබැයි මට අද වෙනකොට පුළුවන් වෙලා තියෙනවා, නිකම්ම මාලිංග අද මම යනකොට ලසිත් මාලිංග කියන තැනට මගේ නම පත්කරන්න. ඉතිං ඒකට මමත් එක්ක එකට පන්දු යවපු ඒ වගේම මට නායකත්වය දීපු,මට සහයෝගය දුන්නු සියලු දෙනාම මෙතන ඉන්නවා. මම ලබපු ලොකුම ජයග්‍රහණය තමයි අපි වෙනදා යනකොට කවුරුත් අපේ අත්සනක් ඉල්ලන්නේ නැහැ. හැබැයි දැන් අත්සන කියන එක ඔටෝග්‍රාෆ් එකක් බවට පත් කරන්න ඒ වචනේ අහන්න මට හැකියාවක් ලැබුණා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ජාතික කණ්ඩායම නියෝජනය කරපු කාලේ මට හිතුණා පොතක් ලියන්න. මම අනිත් අය ලියපු පොත් ගැන අහලා තිබ්බා. මම පොතක් කියවල නෑ. හැබැයි මට හිතුණා මම ක්‍රීඩාවට ආවට පස්සේ මේ ක්‍රීඩාවේ වසර 16ක් ක්‍රීඩාව වෙනුවෙන් මම මෙකද්ද කළේ කියලා අනිත් ක්‍රීඩකයින්ට ලබා දෙන්නෙ. ඒකට ප්‍රධාන ශක්තිය වුණේ මගේ අම්මා”

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads