Global Platform For All Sri Lankans

Lanka Hit News

චීන ජනාධිපති ෂී ජින් පිං රුසියානු ජනාධිපති පුටින් අමතයි

චීන ජනාධිපති ෂී ජින් පිං අද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ වීඩියෝ ඇමතුමක් මගින් කතා කළ බව චීන ජාතික ගුවන් විදුලි නාලිකාවක් වන සීසීටීවී වාර්තා කරනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් ධූරයේ වැඩ භාර ගැනීමත් සමග ලෝක පර්යාය වෙනස් වනු ඇති බවට මත පළව ඇති පසුබිමකයි.

චීනය රුසියාවේ හිතවතෙක්වන අතර, යුක්‍රේන යුද්ධය පවත්වාගෙන යාම සඳහා චීනය ආධාර කරන බව සඳහන්.

නමුත් තමන් පත්වී පැය 24 ක් තුළ යුක්‍රේන රුසියා යුද්ධය අවසන් කරන බවටයි ජනපතිවරණයට පෙර ඩොනලඩ් ට්‍රම්ප් විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කළේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ නැවත පත්වීම තුළ ලොවෙන් හුදකලාවූ රුසියානු නායක සහ ආර්ථික අරගලයක යෙදෙන චීන නායකයා ගේ මෙම වීඩියෝ ඇමතුමට විශේෂ අවධානයක් හිමිව තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads