Global Platform For All Sri Lankans

Lanka Hit News

පොල් ගැටලුවට ලැබෙන විසඳුම්

 

උතුරු පොල් ත්‍රිකෝණයේ පොල් වගාව සඳහා 2025 අයවැය හරහා රජය රුපියල් මිලියන 1,437ක් වෙන් කරන බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසනවා.

උතුරු පළාතේ හෙක්ටයාර 40,000ක පොල් ගස් වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, 2025 අයවැයෙන් ඒ සඳහා රුපියල් මිලියන 1,437ක් වෙන් කරන ලෙස ඉල්ලා ඇති බවත් ඔහු ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, රට තුළ හෙක්ටයාර 05කට අඩු පොල් වගාවන් සඳහා නොමිලේ පොහොර ලබාදීමට ද රජය තීරණය කර ඇති බවයි.

රුසියාවෙන් ලැබුණු මෙට්‍රික් ටොන් 55,000ක පොහොර තොගයෙන් මෙට්‍රික් ටොන් 27,500ක් පොල් වගාව සඳහා වෙන් කිරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

පවතින පොල් ගැටලුව සමඟ මේ වන විට වෙළෙඳපොළේ පොල් ගෙඩියක මිල රුපියල් 250 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads