Global Platform For All Sri Lankans

Lanka Hit News

අමෙරිකාව යළි ඇවිලෙයි !

එක්සත් ජනපදයේ, දකුණු කැලිෆෝනියාවෙහි නව ගිනි ගැනීම් පහක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස්, සැන් ඩියාගෝ, වෙන්චුරා සහ රිවර්සයිඩ් යන ප්‍රදේශවල පැතිර ඇති මෙම තත්ත්වයන් නම් කර ඇත්තේ ලගූනා, සෙපුල්වෙඩා, ගිබෙල්, ගිල්මන් සහ බෝඩර් 2 ලෙස බව සඳහන්.

මේ අතර, ලොස් ඇන්ජලීස් හි අක්කර 10,000 ක ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වූ හියුස් ගින්න පාලනය කිරීමෙහිලා ගිනි නිවන භටයින් ප්‍රගතියක් ලබා ඇති අතර, බදාදා එය වාර්තා වූ මොහොතේ සිට 36% කින් පමණ ගින්න පාලනය කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

පසුගිය සති කිහිපය තුළ එක්සත් ජනපදයෙන් වාර්තා වූ ලැව්ගිනි හමුවේ අක්කර 37,000 කට වඩා විනාශව ඇති අතර අවම වශයෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති බව සඳහන්.

මේ අතර, ලැව්ගිනි හානිය පරීක්ෂා කිරීම සඳහා ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත යාමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

අද සිදුකරන ලද යාවත්කාලීන කිරීමක දී, එක්සත් ජනපද ජාතික කාලගුණ සේවය සඳහන් කර තිබුණේ වියළි කාලගුණය හමුවේ “ඉහළ ලැව්ගිනි තත්වයන්” දකුණු කැලිෆෝනියාවේ තවදුරටත් පවතිනු ඇති බවත් සති අන්තයේ දී බලාපොරොත්තු විය හැකි වර්ෂාවෙන්, පීඩාවට පත් ප්‍රදේශවලට සහනයක් ගෙන එනු ඇතැයි අපේක්ෂා කරන බවත්ය.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads