Global Platform For All Sri Lankans

Lanka Hit News

ජනපති ට්‍රම්ප්ගේ මැදිහත්වීමෙන් තෙල් මිල පහළට

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි අරාබිය සහ අනෙකුත් ඔපෙක් රටවලින් “තෙල් මිල අඩු කරන ලෙස” ඉල්ලා තිබෙනවා.
එසේ නොකළ හොත් අමෙරිකාව එම රටවලට ඉහළ තීරුබදු භාවිතා කරන බවයි ඔහු පවසා ඇත්තේ.

ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ විධායක නිලධාරීන් අමතමින් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව සඳහන්.
මැතිවරණයට පෙර ඔපෙක් තෙල් මිල අඩු නොකිරීම ගැන තමා පුදුමයට පත් වූ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඉහළ බොරතෙල් මිල රුසියානු-යුක්‍රේන ගැටුම සඳහා අරමුදල් පවත්වා ගැනීමට උපකාරී වන බව පවසමින්, ඉහළ මට්ටමක පවතින බොරතෙල් මිල නිසා යුද්ධය දිගටම පවතිනු ඇති බව ඔහු සඳහන් කර තිබෙනවා.
එබැවින් තෙල් මිල අඩු කිරීම මගින්, යුද්ධය අවසන් කළ හැකි බවත්, එමගින් ඔපෙක් රටවලට යුද්ධය අවසන් කළ හැකි බවයි ඔහු අවධාරණය කර ඇත්තේ.

මේ අතර, ජනපති ට්‍රම්ප් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් සමඟ කළ සංවාදයකින් පසුව මෙලෙස ප්‍රකාශ කිරීම විශේෂත්වයක්.

එම සාකච්ඡාවේදී ඉදිරි වසර හතර තුළ අමෙරිකා එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 600 (පවුම් බිලියන 484) ක් ආයෝජනය කිරීමට සූදානම් බව සෞදි ඔටුන්න හිමි කුමරු, අමෙරිකානු ජනපතිට පවසා තිබෙනවා.

ස්ථාවර තෙල් මිල සහතික කිරීම සඳහා එක්ව වැඩ කිරීමේ වගකීම ඇති තෙල් නිපදවන රටවල් 12 ක සාමජිකත්වය ඇති ඔපෙක් හි සෞදි අරාබිය ප්‍රමුඛ සාමාජිකයෙක්.
ජනපති ට්‍රම්ප්ගේ මෙම සුහද අදහස් හුවමාරුවෙන් පසුව බොරතෙල් මිල 1% කින් පහත වැටී තිබෙනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads