Global Platform For All Sri Lankans

Lanka Hit News

ප්‍රධාන ජලාශ 46ක් තවදුරටත් වාන් දමයි

 

ඇද හැළුණු අධික වැසි තත්ත්වය හමුවේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ඇති ප්‍රධාන ජලාශ 73න් 46ක් තවදුරටත් වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව, අම්පාර දිස්ත්‍රික්කයේ ජලාශ 9න් 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 7ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 7න් 5ක්, මඩකලපුව දිස්ත්‍රික්කයේ ජලාශ 4න් 2ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජලාශ 10න් 3ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ජලාශ 2න් එක් ජලාශයක් ද වාන් දමමින් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ජලාශ තුනම ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 10න් 5ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 3න් 2ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් 3ක්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ජලාශ 5න් 2ක්, වව්නියාව දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 4න් එක් ජලාශයක් ද වශයෙන් මුළු ජලාශ 46ක් තවදුරටත් වාන් දමමින් පවතිනවා.

එමෙන්ම මධ්‍ය පරිමාණ ජලාශ 40කට ආසන්න ප්‍රමාණයක්ද වාන් දමමින් පවතින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සතුව ගබඩා කළ හැකි මුළු ජල ධාරිතාවෙන් 92%කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ගබඩා කරගත හැකිව ඇති බවද සඳහන්.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads