ඉතා දුර්ලභ දැඩි ආරක්ෂිත ක්ෂිරපායි මුහුදු ජීවියෙකු වන නිල් තල්මසකු මරා එම සත්වයාට අම්බර (සත්ව කොටස්) ළඟ තබා ගත් පුද්ගලයෙකු ගාල්ල රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විකිණීමට සූදානම් කර තිබූ කිලෝ 23ක් වූ රුපියල් කෝටි 46 ක් වූ වෙළඳපොළ වටිනාකමෙන් යුත් අම්බර තොගයක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
රත්ගම ප්‍රදේශයේම පදිංචිකරුවකු සතුව තිබූ මෙම අම්බර තොගය විදේශීය ගැනුම්කරුවකු වෙත අලෙවි කිරීමට සැලසුම් කර තිබූ බවයි හෙළි වී ඇත්තේ.
මිල අධික ඖෂධ සඳහා යොදා ගන්නා මෙම අම්බර මෙරට වෙළඳපොළ තුළ කිලෝ එකක් රුපියල් කෝටි දෙකක් පමණ වන බවද සඳහන් වනවා.
Post Views: 28