Global Platform For All Sri Lankans

Lanka Hit News

දහස් ගණනක් පලස්තීනුවන් , උතුරු ගාසා තීරයට..

 

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය මේ සතියේ ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකු නිදහස් කිරීමේ ගිවිසුමකට එළඹීමෙන් පසු දහස් ගණනක් පලස්තීනුවන් උතුරු ගාසාවට ආපසු යමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඊශ්‍රායලය විසින් පාලනය කරනු ලබන ඉඩම් තීරුවක් වන නෙට්සාරිම් කොරිඩෝවට උතුර ප්‍රදේශයට මෙම පලස්තීනුවන් ආපසු පැමිණීමට නියමිතව තිබුණා.

නමුත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවෙකු වන අර්බෙල් යෙහුඩ් සම්බන්ධයෙන් ඇති වූ ආරවුල ක් නිසා පලස්තීන වැසියන් සිරවී සිටි බව සඳහන්.

පසුගිය සෙනසුරාදා හමාස් සංවිධානය සොල්දාදුවන් හතර දෙනෙකු නිදහස් කළ නමුත් සිවිල් වැසියෙකු වන යෙහුඩ් නිදහස් කළේ නැහැ.

ගාසා සටන් විරාම ගිවිසුම කඩ කළ බවටයි එහිදී ඊශ්‍රායලය හමාස් සංවිධානයට චෝදනා කළේ.

නමුත්, යෙහුඩ් සහ තවත් ප්‍රාණ ඇපකරුවන් දෙදෙනෙකු බ්‍රහස්පතින්දා නිදහස් කරන අතර සෙනසුරාදා තවත් තිදෙනෙකු නිදහස් කරන බවයි හමාස් සංවිධානය පවසන්නේ.

තම අහිමිවූ නිවාස වෙත නැවත ගමන් කිරීමට ආශාවෙන් පසුවන බවත් ඒ සඳහා තවත් දින කිහිපකය් ගත වනු ඇති බවත්, ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යුනිස් කඳවුරුවල ජීවත් වන ජනතාව ප්‍රකාශ කරනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads