Global Platform For All Sri Lankans

Lanka Hit News

මන්ත්‍රී අර්චුනා අත්අඩංගුවට..

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් නිළධාරීන්ට සාපරාධි බලහත්කාරය කිරීම සහ රාජකාරියට බාධා කිරීම් යන චෝදනා යටතේ මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.බී. මනතුංග ප්‍රකාශ කළේ.

පසුගියදා (20) රාත්‍රී කාලයේ අනුරාධපුර ප්‍රදේශයේදී, අර්ච්චුනා මන්ත්‍රීවරයා විසින් රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පා රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිස් ස්ථානය මගින් විමර්ශන ආරම්භ කර තිබුණා.

මේ පිළිබඳ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමක් ද සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

ඒ අනුව අද(29) පස්වරුවේ යාපනය ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් මන්ත්‍රීවරයා අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads