Global Platform For All Sri Lankans

Lanka Hit News

ICC කාන්තා වයස අවුරුදු 19 න් පහළ T20 ලෝක කුසලානය ඉන්දියාවට

 

ICC කාන්තා වයස අවුරුදු 19 න් පහළ T20 ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ කඩුළු 09කින් දකුණු අප්‍රිකාව පරාජයට පත් කරමින්.

අද (02) පැවති අවසන් තරගයේදී කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.

එහිදී ඔවුන් පන්දුවාර 20 අවසානයේ කඩුළු සියල්ල දැවී ලකුණු 82ක් රැස්කර ගැනීමට සමත් වුණා.

අනතුරුව ජයග්‍රහණය උදෙසා ලකුණු 83ක ඉලක්කයක් අතැතිව පිටියට පිවිසි ඉන්දීය 19 න් පහළ කාන්තා කණ්ඩායම පන්දුවාර 11‍යි පන්දු දෙකක් අවසානයේ එක කඩුල්ලක් පමණක් දැවී ලකුණු 84ක් හිමිකර ගැනීමට සමත් වුණා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads