Global Platform For All Sri Lankans

Lanka Hit News

ආයුර්වේද රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනයට රජයෙන් සැලසුම්

ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් නියාමනයට ලක්කිරීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පැවති ආයුර්වේද, ඖෂධ සහ නිෂ්පාදන සභාවේ නව සභාපතිවරයාට සහ සාමාජිකයින්ට අදාළ පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

නියාමනය තුළින් ගුණාත්මක සහ ප්‍රමිතිගත නිෂ්පාදන ජනතාවට ලබාදීම අපේක්ෂා කරන බව ද වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

“අපිට එන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මේ රූපලාවන්‍ය ගැන ප්‍රශ්නය. සෞඛ්‍යමය තර්ජනයකුත් තියෙනවා මේකත් එක්ක කළු සල්ලි ජාවාරමකුත් තියෙනවා. අපිට NMRA පනත වෙනස් කරන්න වෙනවා. ඒකට ටිකක් කල් ගතවෙනවා. බොහෝ රූපලාවන්‍ය නිෂ්පාදන එන්නේ ආයුර්වේදයට සම්බන්ධව මොකක් හරි කියාගෙන. ඒක නියාමනය කරලා දුන්නොත් අපිට අනිත් ටික කරගන්න පුළුවන්.”

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads