රුපියල් ලක්ෂ 10කට අධික වටිනාකමකින් යුතු වාලම්පූරි 10ක්, සිය මෝටර් රථයෙහි සඟවා ගෙන, අලෙවි කිරීම සදහා රැගෙන යමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ගනේමුල්ල පොලීසිය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
එලෙස අත්අඩංගුවට පත් තැනැත්තා පොලිසියට පවසා තිබුණේ, තමන් වෙත මෙම වාලම්පූරි රැගෙන ගොස් අලෙවි කර දෙන ලෙස තමන් නොහදුනන පුද්ගලයෙකු විසින් සිදුකළ ඉල්ලීමක් මත තමන් ඒවා අලෙවි කිරීම සදහා රැගෙන ගිය බවයි.
සැකකරු ගමන් ගනිමින් සිටි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
Post Views: 12