සැබෑ නිදහස යනු අප ජාතියේ ස්වෛරීත්වය පමණක් නොව ගෞරවාන්විතව යුක්තිගරුකව සහ පීඩනයකින් තොරව සෑම දෙනාටම ජීවත්වීමේ අයිතිය තහවුරු කර දීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
සැබෑ නිදහස හනවුරු කිරීමේ දී වාර්ගික, ආගමික, කුල, ගෝත්‍ර, ස්ත්‍රී පුරුෂ පන්ති භේදයකින් තොරව සෑම දෙනාටම එකාමෙන් ජීවත් වීමේ පරිසරයක් තහවුරු කර දිය යුතු බව ද සිය නිදහස් දින පණිවුඩය තුළින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙනවා.
“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැගීම, වචනයට පමණක් සීමා නොකර ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බව අග්‍රාමාත්‍යවරිය පවසනවා.
ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ආර්ථිකය නඟාසිටුවීමට මුල්තැන දෙමින් සියලුදෙනාගේම අදහස්වලට සවන් දෙමින් නිවැරදි තීරණ ගැනීමේ භාරදූර කාර්යය කළ යුතුව ඇති බව ද ඇය අවධාරණය කරනවා.
සෑම දෙනාගේම අයිතිවාසිකම් රැකෙන පරිදි සහ වටිනාකමක් දැනෙන ලෙසට ජීවත් විය හැකි රටක් ගොඩනගන බවට රජය ජනතාවට පොරොන්දු වෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
එසේම මෙම ඓතිහාසික දිනයේ දී සියලු භේද දුරලා අර්ථාන්විත වෙනසක් සිදුකිරීමට අප සියලුදෙනා එකට අත්වැල් බැඳගනිමුයැයි අග්‍රාමාත්‍යවරිය සිය නිදහස් දින පණිවුඩයෙන් ඉල්ලා සිටිනවා.