මෙරට වෙළෙඳපොළේ ලුණු ග්‍රෑම් හාරසීයේ පැකට්ටුවක මිල රුපියල් 150ත් 160ත් දක්වා ඉහළ ගොස් ඇති බවට වෙළදසැල් හිමියන් සහ පාරිභෝගිකයින් පවසනවා.
එසේම කිලෝග්‍රෑමයක ලුණු පැකට් හිගතාවයක් ද පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
රට තුළ පවතින ලුණු හිගයට පිළියමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මේ වන විට මෙරට වෙළෙඳපොළේ ජනතාවට මිලදී ගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.
මෙරට වාර්ෂික ලුණු පරිභෝජනය දළ වශයෙන් මෙටි්‍රක් ටොන් එක්ලක්ෂ 80,000ක් පමණ වන අතර පසුගිය වසරේ අග භාගයේ සිට ඇති වූ අයහපත් කාලගුණයත් සමග ලුණු අස්වැන්න ශීඝ්‍ර ලෙස පහත වැටී තිබුණා.
කෙසේ වෙතත් අපේක්ෂිත ලුණු අස්වැන්න සපුරා ගැනීමට අපොහොසත් වීම හමුවේ රට තුළ පවතින ලුණු හිගයට විසඳුමක් ලෙස මෙරට සාමාන්‍ය පරිභෝජනය සඳහා වසර 15කට පසු ලුණු ආනයනය කිරීමට රජය පසුගියදා තීරණය කළා.
ඒ අනුව ඉන්දියාවෙන් ලුණු මෙටි්‍රක් ටොන් 30,000ක් ආනයනය කිරීමට නියමිත අතර ඒ සඳහා රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර හිමිවුණා.
කෙසේ වෙතත් එලෙස ආනයනය කළ ලුණු මේ වන විට ග්‍රෑම් 400ක පැකට්ටුවක් මෙරට වෙළෙඳපොළ තුළ අලෙවි වන්නේ රුපියල් 150ත් 160ත් අතර මිලකට අලෙවි වන බවයි වෙළදසැල් හිමියන් සහ පාරිභෝගිකයින් කියා සිටියේ.
මේ අතර අම්පාර, සම්මන්තුර, එරගම, දීඝවාපිය ප්‍රදේශවල මේ වනවිට වී අස්වැන්න නෙලීම ආරම්භ වී ඇති පසුබිමක ගොවීන් පවසන්නේ වෙළෙඳුන් වී මිල දී ගන්නේ රුපියල් 85ත් 90ත් වැනි ඉතා අඩු මුදලකට බවයි.
එමෙන්ම රජය විසින් තවමත් වී සඳහා සහතික මිලක් ලබා නොදෙන්නේ වී මෝල් හිමියන් සහ රජය අතර පවතින ගනුදෙනුවක් මත බව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර චෝදනා කරනවා.
ඊයේ රාත්‍රියේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සහල් හිඟයට පිළියමක් ලෙස සිදුකළ සහල් ආනයනයේදී ද වංචාවක් සිදුව ඇති බවයි.