Global Platform For All Sri Lankans

Lanka Hit News

ඩෙල්ෆ් මුහුදු තීරයට අනවසරෙන් ඇතුලු වූ ඉන්දීය බෝට්ටුකරුට මාස හයක සිරදඬුවම්

 

යාපනය ඩෙල්ෆ් මුහුදු තීරයට පසුගිය මස අට වනදා අනවසරයෙන් ඇතුළු වූ ධීවර යාත්‍රාවේ බෝට්ටුකරුට අධිකරණය විසින් මාස හයක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ 40ක දඩයක් ගෙවන ලෙස නියෝග කෙරුණා.

ඒ, ඔහු ඇතුලු අත්අඩංගුවට ගත් අනෙකුත් ඉන්දීය ධීවරයින් දස දෙනා ඊයේ කයිට්ස් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථවේදීයි.

එහි සිටි ධීවරයින් හත් දෙනෙකුට මාස හය බැගින් වූ සිරදඩුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා එය වසර දෙකකට අත්හිටුවීමට නියේග කළා.

ඉතිරි සැකකරුවන් දෙදෙනා බාල වයස්කාර පුද්ගලයන් වීම හේතුවෙන් නිදහස් කෙරුණේ අවවාද කිරීමෙන් අනතුරුවයි.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads