Global Platform For All Sri Lankans

Lanka Hit News

බිරිඳ ඝාතනය කර පොලිසියට භාර වු සැමියා..

බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැමියෙකු අද (04) අලුයම නාවලපිටිය පොලීසියට භාර වී තිබෙනවා.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි නැමැති 46 හැවිරිදි තිදරු මවක්.

මරණකාරිය කොළඹ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය දානමය පිංකමකට සහභාගි වීම සඳහා ඊයේ (03) නාවලපිටිය ප්‍රදේශයට පිහිටි දියණියගේ නිවසට පැමිණ තිබුණා.

එහිදී අද අලුයම 1.30ට පමණ නිවසේ පහළ මහලේ ජනේලයකින් හොර රහසේ නිවසට ඇතුළු වු සැකකරු නිවසේ කාමරයේ නිදාගෙන සිටි මරණකාරියට පිහියෙන් ඇන තිබෙනවා.

ඒ සමග ඇය බේරිම සඳහා නිවසෙන් පිටතට දිවගොස් තිබෙනවා.

මරණකාරියගේ දියණිය පවසා සිටියේ, එලෙස නිවසින් පිටතට දිවගිය මව පසුපස හඹා ගොස් පියා විසින් නිවසෙන් පිටතදී යළිත්වරක් මවට පිහියෙන් ඇන ගලකින් හිසට පහරදුන් බවයි.

මව බේරීමට ගිය දියණියට තුවාල සිදුවි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදුකළ ඝාතනයක් බවත් පොලීසිය පැවසුවා.

ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වී ජීවිත් වී ඇති බව සිදුකරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads