Global Platform For All Sri Lankans

Lanka Hit News

මෙරට 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් ගලා ආ සුබ පැතුම්..

මෙරට 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් විදේශ රටවල් රැසකින් සහ ගෝලීය නායකයින් කිහිප දෙනෙකු සුබපැතුම් පිරිනමා තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එමගින් ශ්‍රී ලංකාව සමග පවත්නා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ සහයෝගීතාව යළි තහවුරු කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ දිගුකාලීන සගයෙකු වන එක්සත් ජනපදයේ සුබපැතුම එරට රාජ්‍ය ලේකම් මා(ර්)කෝ රූබියෝ විසින් එක්කර තිබුණා.

නිල ප්‍රකාශයක් මගින් රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කළේ, ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ශක්තිමත් මානව සම්බන්ධතා මත ගොඩනැගුණු දෙරට අතර පවත්නා හවුල්කාරිත්වය දිගුකල් පවතිනු ඇති බවයි.

තවදුරටත් එහි වෙළෙඳාම, ආයෝජන සහ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම පිළිබඳවත් සුභවාදී අදහස් පළ කර තිබෙනවා.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ද නිදහස් දින සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර තිබුණා.

එහිදී, දෙරට අතර බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් දීර්ඝ කිරීමට ඉන්දියාවේ උනන්දුව ඔහු යළිත් තහවුරු කළා.

තවද, චීන ජනාපති, චීන අගමැති සහ චීනයේ විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතාගේ නිදහස් දින පණිවුඩය ද විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත පිරිනමා තිබුණා.

ඒ, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලය හරහා නිල පණිවුඩයක් යොමු කරමින්.

ද්විපාර්ශ්වික සබඳතා සහ විවිධ අංශ හරහා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා චීනයේ අඛණ්ඩ කැපවීම මෙම පණිවුඩය මගින් අවධාරණය කර තිබෙනවා.

මීට අමතරව, ප්‍රංශය, බෙල්ජියම සහ කියුබාව ඇතුළු රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාවට සුබ පැතුම් පළ කර ඇති අතර, එය ශ්‍රී ලංකාව ලොව පුරා දිනා ඇති ශක්තිමත් සහ දිගුකාලීන රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ඉන් පිළිබිඹු කරනවා.

ශ්‍රී ලංකා රජය මෙම සුබපැතුම් සඳහා අවංක ප්‍රසාදය පළ කරන අතර සාමය සහ අන්‍යොන්‍ය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට ජාත්‍යන්තර ප්‍රජාව සමග අර්ථවත් හවුල්කාරිත්වයන් මුලපිරීමට කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවනවා.

Leave a Comment

RELATED LATEST NEWS

error: Content is protected !!

Join Form

Enquiry Form

View Ads